Jump to content

ගින්දර

විකිපීඩියා වෙතින්
ගිනිමැලයක් ලෙසින් හැඳින්වෙන දැව භාවිතයෙන් එළිමහනේ දැල්වෙන ගින්නක්
ලී කුඩු ඉන්ධනය ලෙස ගෙන ගින්නක් ආරම්භ කර, එය නිවා දමන අයුරු

දහනය නම් තාපදායක රසායනික ක්‍රියාවලිය හරහා ද්‍රව්‍යයක් (ඉන්ධනය) ශීඝ්‍රයෙන් ඔක්සිකරණය වීම ගින්දර නමින් හැඳින්වේ. මෙම ක්‍රියාවලියේදී තාපය, ආලෝකය සහ විවිධ ප්‍රතික්‍රීය ඵලයන් නිදහස් වේ. දහනයේදී දුර්වල ද්විත්ව බන්ධන ඇති අණුක ඔක්සිජන් (O2) වඩා ශක්තිමක් බන්ධන ඇති කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට හැර වීම මගින් ශක්තිය නිපදවේ (O2 ග්‍රෑම් 32 කට කිලෝජූල් 418 බැගින්). ගින්දර උණුසුම් වීමට හේතුව මේ ශක්තියයි. ගිනිදැල්ල යනු ගින්දරෙහි ඇසට පෙනෙන කොටස යි. ගිනි දැල්ල ප්‍රධාන වශයෙන් කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, ඔක්සිජන් සහ නයිට්‍රජන් වලින් සෑදී ඇත. ප්‍රමාණවත් තරම් උණුසුම් වුවහොත් එම වායූන් අයනීකරන‍ය වී ප්ලාස්මා නිර්මාණය වේ. දහනයට ලක්වෙන ද්‍රව්‍යය අනුව, ගිනිදැල්ලේ වර්ණය සහ ගින්නේ ත්‍රීවතාවය වෙනස් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ගින්දර&oldid=491075" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
ගින්දර
Morty Proxy This is a proxified and sanitized view of the page, visit original site.